තාප  තරංගය යුරෝපය  දවාලයි…

තාප තරංගය යුරෝපය දවාලයි…

යුරෝපයේ දැවෙන තාප තරංගයක් එක්සත් රාජධානියේ උතුරු දෙසට ගමන් කරමින් තිබෙන අතර ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ දරුණු ලැව්ගිනි ඇව්ලෙමින් පවතින අතර යුරෝපයේ පුද්ගලයින් 1,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. ඉදිරි සති වලදී මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජූලි 10 සිට 15 දක්වා ස්පාඤ්ඤයේ තාප තරංගය ආශ්‍රිත මරණ 360 ක් ද පෘතුගාලයේ තවත් මරණ 659 ක් ද සිදුවී ඇත. උෂ්ණත්වය ඉහළ යාම හේතුවන් තවත් මරණ දහස් ගණනක් සිදුවීමට ඉඩ ඇත.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවන් මෙම තාප තරංග බිහිවී ඇත. දේශගුණික විපර්යාසයන් මරණය කැඳවමින් තිබෙන බව ස්පාඤ්ඤය අග්‍රාමාත්‍ය වරයා පැවසීය.

තාප තරංගයේ අධික උෂ්ණත්වය යුරෝපා මහාද්වීපය හරහා ග්‍රහණය කර පෘතුගාලයේ සිට බෝල්කන් ප්‍රදේශය දක්වා ලැව් ගිනි ඇති කොට ඇති අතර වියළි දේශගුණය හේතුවෙන් ලැව් ගිනි නිවා දැමීම අසීරු වී ඇත.

එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලයට අනුව සඳුදා දකුණු එංගලන්තයේ උෂ්ණත්වය 380C (100F) දක්වා ඉහළ ගොස් ඇති අතර එය 400C (104F) දක්වා ඉහළ යාමට ඉඩ ඇතැයි පුරෝකථනය කරන ලදී.

සඳුදා බර්ලිනයේ පැවති 12 වන පීටර්ස්බර්ග් දේශගුණික සමුළුවේදී, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් 2015 පැවසුවේ පැරිස් දේශගුණික ගිවිසුමට අනුව පොරොන්දු වූ පරිදී සෙල්සියස් 1.5 (ෆැරන්හයිට් 2.7) කින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම අඩුකිරීම කඩවුණු පොරොන්දුවක් බවට පත්ව ඇති බවයි.

මෙම තත්ත්වය පාලනය කරගැනීම සඳහා අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ලබා දී ඇති පොරොන්දු ඉටු කරන ලෙස ඔහු වඩා ධනවත් රටවල් වලින් ඉල්ලා සිටියේය.

Related Articles