රාජ්‍ය  ඇමතිවරු ගණන  පොඩි නැත….

රාජ්‍ය ඇමතිවරු ගණන පොඩි නැත….

රාජ්‍ය අමාත්‍යවරු තිස් ගණනකට අසන්න ගණනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ හෙට (8) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතව සිටිති.

සර්ව පාක්ෂික කතා බහ අසර්ථක වීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් හට රාජ්‍ය අමාත්‍ය තනතුරු ලබා දිය යුතු බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ විසින් පෙන්වාදී තිබින.

තිස් හය දෙනෙක් රාජ්‍ය ඇමති තනතුරු වලට පත් කරන්නේ නම් ඒ සමඟම කුඩා කැබිනට් මණ්ඩලයක් යන සංකල්පය අහෝසි වී යයි.

අරගලය සමඟ මතු වූ ප්‍රධාන ඉල්ලීමක් වන්නේ රටේ ආර්ථිකයට දරාගත හැකි ප්‍රමාණයේ කැබිනට් මණ්ඩලයකි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මැටි වැඩ ,බතික් ,මිරිස් ලුණු අර්තාපල් ආදී වශයෙන් ඉතා නිශ්චිත වශයෙන් වගකීම් පවරමින්
රාජ්‍ය ඇමතිවරු පත් කල අතර ඔවුන් සියලු දෙනාම පාහේ අසාර්ථක වූ බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

Related Articles