අත්සන  නැතුව  ගැසට් රිවර්ස්ස්  කිරිල්ල  හිරවේ……

අත්සන නැතුව ගැසට් රිවර්ස්ස් කිරිල්ල හිරවේ……

මානව හිමිකම් කොමිසම ඇතුළු සංවිධාන ගණනාවක් ම කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිකුත් කළ ගැසට් පත්‍රය පිළිබඳව විරෝධය පල කිරීමෙන් අනතුරව ජනාධිපති වරයා
ඒ පිළිබඳව යළිත් සිතා බැලීමට සුදානම්ව නීති උපදෙස් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය පියවර පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා වෙත උපදෙස් දී ඇති බව වාර් තාවේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් විසින් ඉදිරිපත් කළ කරුණු හා නිර්දේශයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා අදාල ගැසට් පත්‍රය නිකුත් කළේය.

නමුත් මෙම ගැසට් පත්‍රය හේතුවෙන් කොළඹ නගරයේ කේන්ද්‍රීය ආර්ථික කලාපයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට ආර්ථික විශේෂඥයින් කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දී කරුණු දැක්වීමක් සිදුකර තිබේ.

කොළඹ නගරයේ පවත්වන විරෝධතා මැඩලීම සඳහා නිල රහස් පනත භවිතා කිරීම ජනාධිපතිවරයාගේ දේශපාලන ප්‍රතිරුපයට නොගැලපෙන බව
විශේෂඥයින් කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කරුණු දක්වා ඇත.

ඒ අනුව මෙම අධිආරක්ෂිත කලාප ඉවත් කොට ඒ වෙනුවට බුද්ධි අංශ සම්බන්ධීකරණය කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීමට නම් ජනාධිපතිවරයාගේ අත්සන යෙදිය යුතු බැවින් ජපාන සංචාරය අවසන් වනතුරු ගැසට් නිවේදනය බලරහිත කල නොහැකිවෙනු ඇත.

Related Articles