කපු මහත්තයාත් -තිලිණි සහ ජනාකී වියවුලේ පැටලේ….

කපු මහත්තයාත් -තිලිණි සහ ජනාකී වියවුලේ පැටලේ….

බටදුව විෂ්ණු දේවාලයේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර කපු මහතා පවසන්නේ තිලිණි ප්‍රියමාලි තමන්ට දේවාලය සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ
තුන්සිය පනහක චෙක්පතක් ලබාදුන් නමුත් බැංකුවේ මුදල් නොමැති වීම හේතුවෙන් එය අගරු වූ බවයි.

තිලිණි ප්‍රියමාලි සහ බොරැල්ලේ සිරිසුමන හිමියන්ට අනිවාර්යෙන්ම හිරේට යෑමට සිදුවෙන බව තමන් අනාවැකියක් පල කළ බව ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පවසයි.

දැනට අත්අඩංගුවේ පසුවෙන ජානකි සිරිවර්ධන උසාවියට ඉදිරපත් කළ අවස්ථාවේදී පොලීසිය පැවසුවේ ඇය තැන්පත්කරුවන් පොලඹවා
ගත් බවත් ලැබූ මුදල් වලින් කොටසක් ඇය පරිහරණය කොට ඇති බවත්ය.

ප්‍රකාශයට පත්වී ඇති හඬ පටයකට අනුව තිලිණි ප්‍රියමාලි සහ ජනාකී සිරිවර්ධන එක්ව මැසිවිලි නගන්නේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර කපු මහතා තමන් දෙදෙනාටම කොකා පෙන්වා මුදල් ලබා ගත් බවයි.

Related Articles