තිළිණි ප්‍රියමාලිට මාධ්‍ය  කෙනහිලි….

තිළිණි ප්‍රියමාලිට මාධ්‍ය කෙනහිලි….

මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලිගේ අයිතිවාසිකම්වලට දිගින් දිගටම මාධ්‍ය ප්‍රකාශ කිරීම අහිතකර ලෙස බලපෑ හැකි බව විත්තියේ නීතිඥවරයා අද අධිකරණයට දන්වා සිටියේය.

තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දසුන් නාගහවත්ත කියා සිටියේ දැනට පවතින නඩුවක් සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් තම සේවාදායකයාට පදනම් විරහිත චෝදනා එල්ල කරන බවත් එය අධිකරණ කටයුතුවලට ද අහිතකර ලෙස බලපාන බවත්ය.

තිළිණි ප්‍රියමාලි ප්‍රොයාමලී නඩුව සම්බන්ධයෙන් වෘත්තීය ආචාර ධර්මවලට පටහැනිව අදහස් දැක්වීමට ජනාධිපති නීතීඥවරයෙකු සහභාගී වූ රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධයෙන් ඔහු අධිකරණයේ අවධානය යොමු කළේය.

කිසිදු වරදකට වරදකරු වී නොමැති තිලිණි ප්‍රියමාලි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් සන්තකයේ තබාගෙන සිටින බවට සිංහල භාෂා පුවත්පතක් අහේතුක නිගමනයකට එළඹ ඇති බව විත්තියේ නීතිඥවරයා චෝදනා කළේය.

මාධ්‍ය හැසිරීම් පාලනය කිරීමට තමාට බලයක් නොමැති බව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා වෘත්තීය ආචාර ධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීම ආරක්ෂක අංශයේ වගකීමක් බව වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles