ශ්‍රී  ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ අදිටනින්…

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ අදිටනින්…

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (20/20) ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය කඩුලු 6කින් ජයගැනීමට සමත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පුර් ව තරඟයට එක්වීමේ බලාපොරොත්තුවෙන් සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය සහ නොවැම්බර් 5 වැනිදා එංගලන්තය සමඟින් වන තරගය වැඩි ශුද්ධ ලකුණු වේගයක් සහිතව ජය ගැනීමට සමත් වුවහොත් ඔවුනට අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇත.

නවසීලන්තය හමුවේ පරාජයට පත් වුවද ඉතිරි තරග දෙක වඩාත් යහපත් මට්ටමේ දල ලකුණු වේගයකින් ජය‍ගෙන අවසන් පූර්ව වටයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ශ්‍රී ලංකා විස්සයි 20 නායක දසුන් ශානක පැවසීය.

Related Articles